වාහල්කඩ ස්ථානාධිපති මාරු කළාට ජනතා විරෝධය

227

අනුරාධපුර වාහල්කඩ පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපති සුභාෂ් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි අද (15) සිට එම ධුරයෙන් ඉවත් කොට ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේ හිතවත් පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථානාධිපති ධුරය සඳහා පත් කිරීම පිළිබඳව වාහල්කඩ ගොවි ජනපද ව්‍යාපාරයේ ජනතාව විරෝධය පළ කර සිටී.

හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට වඩා පහළ තනතුරක් හොබවන පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථානාධිපති තනතුරට පත් කිරීම පිළිබඳව තමන් විමතිය සහ අප්‍රසාදය පළ කර සිටින බවත් වාහල්කඩ ජනතාව සඳහන් කරයි.

මෙම වසරේ ජුනි 06 වෙනිදා ස්ථාපිත කළ එම පොලිස් ස්ථානයේ ප්‍රථම ස්ථානාධිපතිවරයාද වන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ආරියරත්න මහතා වාහල්කඩ ප්‍රදේශයේ පැවති අපරාධ සහ දුෂණ ක්‍රියා මැඩ පවත්වමින් ප්‍රසංශනීය සේවාවක් සිදු කරමින් සිටියදී ස්ථානාධිපති ධුරයට පත්වී දින හැත්තෑ පහක් ගතවීමටත් පෙර කිසිඳු හේතුවක් නොමැතිව මෙලෙස එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව තමන් අතිශය කනගාටුවන බව පවසන ජනතාව නැවතත් හිටපු ස්ථානාධිපතිවරයා වාහල්කඩ පොලිස් ස්ථානයට පත් කරන ලෙසට ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment