වැටලීමකට ගිය  පොලිස් සැරයන්ට  වළසෙක් සපා කයි

626

වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ දැව ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි සැරයන්වරයකු වළසකු විසින් සපා කෑම නිසා ඔහු 21 දා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

කැලයේ සිටි වළසකු එක් වරම පොලිස් නිලධාරීන් දෙසට කඩා වැදුණු අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් දුව ගොස් සැඟවෙන්නට උත්සාහ කර ඇතත් මෙම පොලිස් සැරයන්වරයා එසේ කිරීමට පෙර වළසා ඔහු සපා කා තිබේ.

මෙසේ වළස් ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පුලියන්කුලම පොලිසියේ සේවය කරන එස්. රණසිංහ නමැති පොලිස් සැරයන්වරයාය.

සෙසු පොලිස් නිලධාරීන් වළසා පලවා හැර තුවාල ලැබූ සැරයන්වරයාව රෝහලට ඇතුළත් කර තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment