වැට් බදු නැංවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

187

වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීම සඳහා ‘‘එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) විවාදයට ගෙන සම්මත කරගන්නා ලදී.

ඒ අනුව එම බද්ද සියයට තුනකින් වැඩි කිරීමෙන් රජය රුපියල් බිලියන 14ක අමතර ආදායමක් අපේක්ෂා කරන බව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම බද්ද වැඩි කරන්නේ රටේ ජනතාව තවත් පීඩනයට පත්කිරීමට නොවන බව පැවසූ මන්තී‍්‍රවරයා එය උදාහරණයක් ලෙස ගනුදෙනු කරුවන්ගෙන් නොව බැංකු මගින් අයකර ගන්නා බව ද සඳහන් කළේය.

අතීතයේදී කළ බදු සහන ලබාදීම් මගින් අපේක්ෂා කළ වාසිය ලබාගැනීමට නොහැකි වූ බව ද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර විජිත හේරත් මහතා එහිදී කියා සිටියේ මෙම බද්ද මුල් කාලයේදී බැංකු වැනි මූල්‍ය සමාගම්වලට පැනවුව ද පසුව ක‍්‍රමයෙන් ජනතාව මත පැටවෙන බවය. මෙම බදු වැඩි කිරීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට සිදු වූවක් බවට ද විජිත හේරත් මහතා චෝදනා කළේය. මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත මුදල් ඇමැතිවරයා, රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා විසන් ඉදිරිපත් කළ යුතු වුවත් ඊයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුපෙළ මන්තී‍්‍රවරයකු (පත්කළ) විසින් වීම විශේෂත්වයකි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment