වැටුප් ගැටලූව විසඳන තෙක් ගුරුවරු උගන්වන්නේ නෑ – ජෝෂප් ස්ටාර්ලිං

127

කවුරුන් පාසල් විවෘත කළද වැටුප් ගැටලූව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගි නොවන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.

ගුරු – විදුහල්පති ගැටලූවට විසඳුම් නොදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡුාවලදී පරස්පර ප‍්‍රකාශ සිදුකරමින් සිටින බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ජෝෂප් ස්ටාර්ලිං මහතා මෙසේද කියා සිටියේය.

අධ්‍යාපන ලේකම්තුමා කුමන පදනමකින්ද අපට නැවත වැඩ කරන්න කියන්නේ. ඔහුගේ මේ විහිළු කතා කවුද පිළිගන්නේ. මේ විහිළු සැපයීම වහාම නවත්වන්න. පාසල් විවෘත කිරීමට හා ප‍්‍රායෝගික පරීක්‍ෂණ කිරීමට පෙර කළ යුතු දේ කුමක්ද? මේ ප‍්‍රශ්නයට ඉස්සෙල්ලා විසඳුමක් දෙන්න. එතුමා ඔක්තෝම්බරයේ පාසල් පටන් ගන්න හදන්නේ තනියෙන් වෙන්න ඇති. ඉස්සෙල්ලා මේ ප‍්‍රශ්නය විසඳලා ඉන්න එපායැ.

මේ වර්ජනයට අදට (27 දා)  දවස් 78 ක්. අපි දරුවෝ ගැන හිතලයි තියෙන්නේ. පාසල් පටන් ගන්න කලින් අධ්‍යාපන බලධාරීන් විධිමත් තීන්දුවක් ගනියි කියලා හිතනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment