වැටුප් ගැටලූව විසඳන තෙක් ගුරුවරු දිගටම වර්ජනයේ – ලංකා ගුරු සංගමයේ ලේකම්

499

ගුරු විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ලැබෙන තෙක් වෘත්තිය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා දිවයිනට ඊයේ (02දා) පැවසීය.

එසේම මේ වන විට මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්වීම, සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය පෙර පුහුණු කටයුතුවලින් ඉවත් වීම, උසස් පෙළ විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීම, උසස් පෙළ විභාගය රාජකාරි ඉල්ලූ‍ම් කිරීම, උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් පරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලූ‍ම් කිරීම ඇතුළු කටයුතුවලින් ඉවත්ව සිටි ගුරු විදුහල්පතිවරුන් පාසල්වලට යාමෙන්ද වැළකීමට කටයුතු කිරීම තුළ ආණ්ඩුව වහා ගුරු විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ලබාදිය යුතු බවත් එතෙක් ගුරු විදුහල්පති වෘත්තිය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

අධ්‍යාපන ලේකම්වරයා විසින් පත්කරන ලද සුබෝධනී කමිටුව මගින් ගුරු විදුහල්පති වැටුප් ගැටලූ‍වට විසඳුමක් යෝජනා කර ඇති අතර වෘත්තිය සමිති විසින් ද එම යෝජනාව පිළිගෙන ඇතැයි ඒ මහතා පැවසීය.

ගුරු විදුහල්පති වැටුප් විසදීම සදහා ඊයේ සවස කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණ සම්බන්ධයෙන් අද (03දා* අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡුා කිරීමට නියමිත බවත් එහිදී තම ගැටලූවලට පිළිගත හැකි විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජයසිංහ මහතා අවධාරණය කළේය.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ගෙනයන වෘත්තීය ක‍්‍රියාමාර්ගය මැ`ඩපැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ ගුරු විදුහල්පතිවරුන් කැඳවීමට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබුණත් එම චක‍්‍රලේඛය නොසලකා හැරීමට ගුරු වෘත්තිය සමිතිවල සාමාජිකයන් කටයුතු කර තිබූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment