වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලා අනුරපුර රෝහල් සේවකයෝ උද්ඝෝෂණයක

101

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත කාර්ය මණ්ඩල ඊයේ (11 දා) අනුරාධපුර මහාමාන්‍ය ඞී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන් විවිධ විරෝධතා පාඨ සහිත බැනර් හා පුවරු රැගෙන විවිධ සටන් පාඨ කියමින් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට සිට කඩ 12 ඉදිරිපිටින් ඞී. එස්. සේනානායක වටරවුම අසලට පැමිණ මාර්ගයේ බිම වාඩිවී උද්ඝෝෂණයේ නිරත වූහ.

මේ නිසා ගමනාගමනයට දැඩි බාධා එල්ලවූ අතර පොලිස් නිලධාරීන් විකල්ප මාර්ග ඔස්සේ එම වාහන පිටත් කර යැවීමට පියවර ගත්හ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකර ගනිමින් සෞඛ්‍ය අංශවල වෘත්තීය සමිති 16 ක් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ දුරබැහැර ප‍්‍රදේශවලින් ඊයේ ප‍්‍රතිකාර ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment