වැඩිම ජනගහනය: චීනය පරදා ඉන්දියාව එක වෙයි

341

චීනය අභිබවමින් ඉන්දියාව ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (19දා) නිකුත් කරන ලද අලුත්ම දත්ත වාර්තා සඳහන් කරයි. ලොව වැඩිම ජනගහනය වාසය කරන රට බවට පත්ව පැවැතියේ චීනයයි. මේ අනුව මිලියන 1425.7ක ජනගහනයක් වෙසෙන චීනය අභිබවමින් ඉන්දියාවේ ජනගහනය මිලියන 1428.6ක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව ඉන්දියාවේ ජනගහනය චීනයේ ජනගහනයට වඩා මිලියන 2.9කට වඩා වැඩිව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. ඉන්දියාව හා චීනයේ ජනගහනය වසර 70කට අධික කාලයක් මුළුල්ලේ ලොව මුළු ජනගහනයෙන් තුනෙන් එකක්ව පැවතිණි. කෙසේ වුවද වසර 2011න් පසු ඉන්දියාවේ ජාතික ජන සංගණනයක් පවත්වා නොතිබීම හේතුවෙන් එරට වත්මන් ජනගහනය සම්බන්ධයෙන් පවතිනුයේ ඇස්තමේන්තු කරන ලද සංඛ්‍යාවක් පමණි.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment