වැඩිවූ බෙහෙත් මිල දරාගන්න බැරිව බදුල්ලේ ඖෂධ පරිභෝජනය භාගෙට භාගයක් අඩුවෙලා!

189

රු. 3000 ට ගත් බේත් ටිකට දැන් 8000 ක් වැය කරන්න වෙලා

මෑත කාලයේ දී රජය විසින් ඖෂධ මිල අධික ලෙස ඉහළ දැමීමත් සමගම තම සුපුරුදු පාරිභෝගිකයන් සංඛ්‍යාව සියයට පනහකටත් වඩා අඩුවී ගිය බැව් පෙන්වා දෙන බදුල්ල නගරයේ ඖෂධ අලෙවිසැල් හිමියෝ එය සාමාජීය ලෙස බරපතළ උභතෝකෝටික ගැටලුවක් යැයි ප්‍රකාශ කළහ.

මෙකී තත්ත්වයට එකම කාරණය ඔවුන්ට ඇති මුදල් අගහිඟය බව පාරිභෝගිකයන් ඔවුන්ට පවසා තිබේ.

“රුධිරගත අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග සඳහා ජනයා වැඩි වශයෙන් ඖෂධ මිලදී ගත්තා. එක් අයෙක් මසකට ප්‍රමාණවත් ඖෂධ වෙනුවෙන් රුපියල් 3,000 – 4,500 ක් අතර මුදලක් වැය කළා. රජය එක් වරම 79% ක තරමින් ඖෂධ මිල වැඩි කළ පසු රුපියල් 6,000 – 8,000 ක් පමණ වැය කිරීම ඔවුන්ට අසීරුයි. එක නිවසක රෝගීන් දෙතුන් දෙනෙක් සිටින්නට පුළුවන්. එවැනි වාතාවරණයක් තුළ එම තත්ත්වය අඩු ආදායම්ලාභියකුට කිසිසේත් දරා ගන්න බෑ. කෙසේ වෙතත් රටේ සම්පත මිනිස් ජීවිත බව රජය තේරුම් ගන්න ඕනෑ” යැයිද අලෙවිසැල් හිමියෝ තවදුරටත් කියා සිටියහ.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment