වැඩිහිටියකුගේ කකුලක් කඩලා ගෙට ගෙනැත් දාලා

456

ගල්වලින් සහ අතින් පයින් පහරදී පාදයක් කඩා දමා බරපතළ තුවාල සිදුකර නිවසක් තුළට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ පුද්ගලයකු පෙරේදා (16 දා) රාත්‍රියේ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල, සියඹලාගස්ලන්ද ගම්මානයේ පදිංචි වයස අවුරුදු 67ක පුද්ගලයෙකි. ඉඩම් ආරවුලක් සිද්ධියට හේතුවී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පහර කෑ පුද්ගලයාට අයත් කුඹුරු යායක වැඩ කරමින් සිටියදී පැමිණි පිරිසක විසින් මෙම පහරදීම සිදුකර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත. කන්දකැටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

කන්දකැටිය ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment