වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය දරුවන්ට ගෙන දෙන පීඩාව… අභිෂේක

140

සුමිත් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. සකුන්තලා ඔහුගේ බිරිඳය. ඔවුනට අභිෂේක සහ සඳලි නමින් දරුවන් දෙදෙනකු සිටී. සුමිත්ගේ රැකියාව පිළිබඳ මුලදි විරුද්ධත්වයක් නොතිබුණත් පසුකාලීනව ඒ සඳහා සකුන්තලා එතරම් කැමැත්තක් නොදක්වයි. නිරන්තරයෙන්ම සුරූපී කතුන්ගේ ඡායාරූප ගැනීමට සුමිත් පෙළඹීම නිසා එම රැකියාව අත්හරින්නැයි දුලානි සුමිත්ට නිතර නිතර බලපෑම් කරයි. නමුත් සුමිත් පුරුදු පරිදි තමන්ගේ රැකියාවේ නිරතවෙයි.

Site Icon
වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය දරුවන්ට ගෙන දෙන පීඩාව…  අභිෂේක

මේ අතර අසනීප වන සුමිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙයි. එහිදී ඔහුට භයානක සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍යවරුන් සැක කරයි. තමන්ගේ රෝග තත්ත්වය පිළිබඳව අවබෝධකරගන්නා සුමිත් දරුමල්ලන් අතහැර නිවසින් පිටව යන අතර ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ නරක ආරංචිය ගමේ නගරයේ සහ දරුවන් ඉගෙන ගන්නා පාසලේ ද පැතිර යයි. එම සමාජ රෝගය ඔහුගේ දරුවන්ටත් පැවතිය හැකි බවට සැකකරන පාසල් දරුවන්ගේ දෙමව්පියන් සුමිත්ගේ දරුවන් පාසලෙන් ඉවත් කරන්නට විදුහල්පතිවරයාට බල කරයි. ඒ අනුව අභිෂේක සහ සඳලිට පාසලෙන් ඉවත්වන්නට සිදුවන අතර සකුන්තලා තම දරුවන් සමග නිවසේ තනිවී සමාජයෙන් එල්ලවන විරෝධයට මුහුණ දීමට නොහැකිව අසරණව කාලය ගතකරයි.

වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය දරුවන්ට ගෙන දෙන පීඩාව…  අභිෂේක
වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය දරුවන්ට ගෙන දෙන පීඩාව…  අභිෂේක

මේ අතර ගම්මු විසින් සකුන්තලා සහ දරුවන් නිවසින් පන්නා දැමීමට කටයුතු සිදුකරන අතර එහිදී සිදුවන පහරදීමකින් දුලානි රෝහල්ගත කෙරේ. දරුවන් දෙදෙනා රාත්‍රියේ මහ මග දිව යන අතර පාරේ නවතා තිබූ එළවළු ලොරියකට ගොඩවෙයි.

අභිෂේක සහ සඳලි විඳින ලද කටුක වූ වේදනා බර ජීවන අත්දැකීම් ‘අභිෂේක. චිත්‍රපටය තුළින් විවරණය වන අතර වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය නිසා දරුවන් පත්වන කායික හා මානසික පීඩාව කෙබඳු දැයි අභිෂේක චිත්‍රපටය හරහා ඔබට අවබෝධ කරගැනීමට හැකි වනු ඇත.

වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය දරුවන්ට ගෙන දෙන පීඩාව…  අභිෂේක
වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය දරුවන්ට ගෙන දෙන පීඩාව…  අභිෂේක

රංගන සහය – වගීෂා සල්ගාදු”

නෙත්යා කෙනෝලි” යානෙත් නානායක්කාර” විරාජ් මධුෂාන්” අංජන දිල්ෂාන්” පසන් උමයංගන” දෙව්මිණ ප්‍රභාත්” විමර්ෂා යෂී” කිත්මා පංචාලි” ශෙනාන් දෙවිමින්” කේෂරින් පුරිඳු” කෙනුල සෙත්මල්” අංශුපති ගයන්ත” කේතක ඉඳුසර” හිමාෂ චතුරංග” දේශාන් චාමර” විදුල් ශලින්ද” ඔවින් වින්වත්” අබ්දුල් ශනිල්” ටයිනි අමීෂා” සිනෙත් මල්වත්තගේ” අමිල සත්සර” රූත් අමන්දා” සචිනි විනෂ්නා” සඳලි සනොද්‍යා” අදීෂ ඉඳුවර” තෙවනි දෙවත්මා” දෙහාරා දිසාද්මි” නිරූපණ ශිල්පිණී ජයනි සේනානායක.

ගරු රඟපෑම් – ජීවන් කුමාරතුංග” නෙරංජලා සරෝජනී” ලාල් ආනන්ද අබේධීර” ජයරත්න ගලගෙදර” නලීන් ප්‍රියදර්ශන හේරත්.

රඟපෑම් – දුලානි අනුරාධා” මිහිර සිරිතිලක” ආරියසේන ගමගේ” නන්ද වික්‍රමගේ” මහේෂ් රන්දෙණිය” කුමාර රණේපුර” දමින්ද මෙන්ඩිස්” සුනිල් ධර්මසිරි” පවිත්‍රා වික්‍රමසිංහ” ශ්‍රීමාලි ෆොන්සේකා” අනූෂා දිල්හානි” නිලංගනී පෙරේරා” මල්කි ප්‍රනාන්දු” නුවන් අසේල මාඩිවෙල” ඩයනා හෙට්ටිආරච්චි” අනුර කුමාර” චමිල ගුණසේකර” රනින්ද ෂෙහාන්” ප්‍රියා විතානාරච්චි” ආශා දර්ශනී විතානගේ” මධූ කුලසිංහ” දිනේෂ් රාජපක්‍ෂ” අසංග ලක්මාල්” සංජීව පතිරගේ.

වැඩිහිටියන්ගේ වැරදි අවබෝධය දරුවන්ට ගෙන දෙන පීඩාව…  අභිෂේක

ළමා චරිත – අභිෂේක ඉසිවර වඩුගේ” හර්ෂි රසංගා” නටලි තිලකරත්න” මොවිඳු සුබසිංහ” තිලින්දිකා පීරිස්.

කැමරාකරණය – සජිත වීරප්පෙරුම.

කලා අධ්‍යක්‍ෂණය – සුජිත් ලක්මාල්.

අංග රචනය – තාරක අධිකාරි.

සංගීත අධ්‍යක්‍ෂණය – විශාරද ලාල් ආනන්ද අබේධීර.

නිෂ්පාදන කළමනාකරු – ලසදා ගුණවර්ධන.

ශබ්ද සැළසුම් සහ ශබ්ද පරිපාලනය – තනුෂ්ක කහඳවල.

තිර රචනය – අමිල සම්පත් පෙරේරා.

සහය අධ්‍යක්‍ෂණය – තරිඳු ඉලංකෝන්” ඉඳුනිල් දැරණියගල” සුගන්ධ ජනප්‍රසාද්.

සංස්කරණය සහ වර්ණ සංයෝජනය – තුෂාල් දසනායක.

කලා අධ්‍යක්‍ෂණ සහය – දිනේෂ් වැල්ලවාය.

අංග රචනා සහාය – රන්දික ටිෂාන්.

ගීත ගායනය – විශාරද සංධ්‍යා බුලත්සිංහල” විශාරද ජනනාත්

වරකාගොඩ” නිවන් දේදුනු ශ්‍රී” නිර්මාණි තත්සරා” උමේෂා සෙව්වන්දි.

ගී පද – විශාරද ලාල් ආනන්ද අබේධීර” ආනන්ද පද්මසිරි.

නිශ්චල ඡායාරූප – ගිතේන්ද්‍ර ලියනගේ” ශ්‍රීතන් ගුණවර්ධන.

නිෂ්පාදනය – ජේ. ජේ. ෆිල්ම්ස්” නිශාන්ත ජූඩ්” පී. ඩී. මලීසා” පී. ඩී. මෙලන්” පී. ඩී. මෙලනි.

අධ්‍යක්‍ෂණය – ආචාර්ය ශ්‍රීපාලි හෙට්ටිආරච්චි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment