වැඩි කළ ගුරු වැටුප 20 දා වන විටවත් ලැබෙනු ඇතැයි හිතනවා – ස්ටාලිං කියයි

239

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිකුත් කරන ලද චක‍්‍රලේඛයට අනුව ජනවාරි 20 වැනිදා වනවිට වැඩි කළ වැටුප ගුරුවරුන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (06 දා) පැවසීය.

චක‍්‍රලේඛය නිකුත් වුවත් අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී කලාප කාර්යාලවලින් ගුරු විදුහල්පති වැඩි කළ වැටුපට අදාළ විස්තර ගෙන්වා ගත යුතු බවත් එය කඩිනමින් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම කීය.

වසර 25 ක පමණ කාලයක සිට පැවැති ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට යම් සහනයක් මෙමගින් ලැබුණත් ගුරු සේවය සංවෘත සේවයක් ලෙසට පත්කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබාගත යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment