වැඩි ඡන්ද 155කින් විශ්වාසභංගය පරාජය කරනවා – මහින්දානන්ද කියයි

637

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (20 දා)  වැඩි ඡුන්ද 155 ක් ලබා ගනිමින් පරාජයට පත්කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (19 දා* පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඊට විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුද ආණ්ඩුවට පක්‍ෂව ඡුන්දය දෙනු ඇතැයි ඇමැතිවරයා කියා සිටියේය.

අත්දැකීම් සපිරි, අවංක, දක්‍ෂ ඇමැතිවරයෙකු වූ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශය ඉදිරියේදී සාර්ථකම අමාත්‍යාංශයක් බවට පත්කරන බවට විශ්වාස බවත්, ජනාධිපතිවරයාට ද ගම්මන්පිල ඇමැතිවරයා පිළිබඳ විශ්වාස බවත් කෘෂිකර්ම ඇමැතිවරයා කියා සිිටියේය.

– අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment