වැඩි ඡන්ද 46කින් ජනක ඉවතට

535

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී .පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණි.එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 46කින් යෝජනාව සම්මත විය.

advertistmentadvertistment
advertistmentadvertistment