වැඩි ඡන්ද 51 කින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

142

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 51 කින් ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 86 ක් ද, විරුද්ධව ඡන්ද 35 ක් ද ප‍්‍රකාශ කර තිබිණි. මුස්ලිම් දේශපාලන පක්‍ෂවල මන්තී‍්‍රවරු පිරිසක් ඊට පක්‍ෂව ඡන්ද ප‍්‍රකාශ කර තිබිණි.

පනත් කෙටුම්පත පිළිබඳව පැවති විවාදය අවසානයේදී නැගී සිටි කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පනත් කෙටුම්පතේ සංශෝධන කිසිසේත් ප‍්‍රමාණවත් නොවන නිසා බෙදීමක් අවශ්‍ය බව මූලාසනයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment