වැඩි ජනගහනයකට වැඩි ප‍්‍රතිලාභ හිමිවන ලෙස ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඉදිරියට ගෙන යනවා ජයග‍්‍රහණය සොයන්න නම් එක පවුලක හැ`ගීම තිබිය යුතුයි… ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ නව සභාපති වැඩ භාර ගනිමින් කියයි

612

රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සිදුකරන සුවිසල් කාර්යභාරය තවත් ඔප් නංවමින් වැඩි ජනගහනයකට වැඩි ප‍්‍රතිලාභ හිමිවන ලෙස රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව එම සංස්ථාවේ නව සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ඊයේ (03 වැනිදා* පැවසීය.

 එක පවුලක් ලෙස එක්ව කටයුතු කිරීම තුළ ජයග‍්‍රහණ පහසු වනු ඇති බව සඳහන් කළ හේරත් මහතා ඒ සඳහා එක්වන ලෙස සැමගෙන් ඉල්ලා සිටියේය.

 ඉංජිනේරු විජිත හේරත් මහතා ඊයේ එම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රක්ෂණ මන්දිරය, අංක 21 , වොක්ෂෝල් වීදිය, කොළඹ 2 ස්ථානයේ පිහිටි ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයේදී ඉංජිනේරු විජිත හේරත් මහතා අභිනව සභාපති ධූරයේ වැඩ භාර ගත්තේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා මෙසේද කියා සිටියේය.

 මම ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය භාර ගන්නේ මෙරට ඇති ශක්තිමත්ම වෘත්තීයවේදීන්ගේ කණ්ඩායම නියෝජනය කරමින්. ඒ එහි ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ සභාපති ලෙස.රටේ වෙනසක් ඇති කරනවා නම් එය කළ හැක්කේ වෘත්තීය වේදීන්ට බව අපේ විශ්වාසයයි. ඒ නිසයි අපි දේශපාලනට සම්බන්ධ වන්නේ.

 ඉතිහාසයේ අපි අභිමානවත් ජාතියක්. අප දැන් රටවල් දෙසීයෙන් 120 වැනි තැන හිටියට ඉතිහාසයේ අපි ලොව මුල් රටවල් දහය අතර සිටි අභිමානවත් ජාතියක්.ඒ තැනට අප ගමන් කළ යුතුයි.

 අද රට තියෙන තත්ත්වය ගැන සතුටු වෙන්න බැහැ. ඊට දේශපාලනඥයන්ට හෝ වෙන කාට හෝ චෝදනා කිරීමෙන් ඇති පලක් නෑ. අපට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද යන්නයි අප බැලිය යුතුයි. අප ප‍්‍රතිපත්තිගරුක විය යුතුයි. එසේම අවංකව වැඩ කළ යුතුයි.

 අප එක පවුලක් ලෙස කටයුතු කළ යුතුයි. සභාපතිවරයා කියන්නෙත් කණ්ඩායමේ එක සාමාජිකයකු පමණයි. අප ජයග‍්‍රහණය සොයන්න නම් අප එක පවුලක හැ`ගීම තිබිය යුතුමයි. ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය, නිලධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ සියලූදෙනා එක පවුලක් ලෙස කටයුතු කර සාර්ථක කරා යෑමට එක්ව කටයුතු කරන ලෙසයි.

 ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයක්. කීර්තිමත් පුද්ගලයන්, දක්ෂ ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් මෙහි නායකත්වය හොබවා තිබෙනවා. අප ඉතිහාසයෙන් ලද පන්නරය මෙම ආයතනය දියුණු කිරීමට භාවිත කරනවා.අපට පුද්ගලික අභිමතාර්ථ නැහෑ. නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රතිලාභ ලැබූ අප රට වෙනුවෙන් දෙයක් කළ යුතුමයි. අපේ එකම අරමුණ හොඳ රටක් අනාගත දරු පරපුරට උරුම කර දීමයි.

 අප සුදුස්සාට සුදුසු තැන දෙනවා. අපගේ සියලූ‍ කටයුතු විනිවිදයි. ඉදිරි දශකයේ මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් අප ආදර්ශවත්ව කටයුතු කළ යුතුයි.

 මෙම අවස්ථාවට රාජ්‍ය ඇමති කනක හේරත්,ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ

 සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment