වැඩි පොලියක් පෙන්වා මවගේ ලක්ෂ දාහතර පැහැරගත් පුතා නිදැල්ලේ

407

වැල්ලවාය පොලිස් වසමේ නුගේයාය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ලක්ෂ දාහතරක් ඊයේ (20 දා) ඇයගේ පුතා විසින් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

පැමිණිලිකාරියගේ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් වැල්ලවාය පෞද්ගලික බැංකුවක තැන්පත්කර ඇති අතර එම බැංකුවට වඩා වැඩි පොළියක් වෙනත් බැංකුවක තැන්පත් කිරීමෙන් ලබාගත හැකි බව ඇයගේ පුතා පවසා ඇත.

පසුව ඇය පුතා සමග බැංකුවට ගොස් මුදල් ලබාගෙන ඇත. එම මුදල පුතා විසින් මෙසේ පැහැරගෙන ගොස් ඇත. සිද්ධිය පිළිබඳව වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment