වැඩි මිලට බිත්තර වික්කොත් ලක්ෂ 5ක් දඩ

154

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අද (22 දා) සිට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා උපරිම දඩ මුදලක් නියම කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් රැසකට සති අන්තයේ උපදෙස් දී දැනුවත් කර ඇතැයි ද හෙතෙම කීය.

එබැවින් බිත්තර සඳහා පනවා තිබෙන රුපියල් 43 හා 45 යන උපරිම සිල්ලර මිලට වැඩියෙන් අලෙවි කිරීමට රැගෙන එන බිත්තර මිලදී නොගන්නැයි පාරිභෝගික සේවා අධිකාරිය සිල්ලර වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියි.

අද සිට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment