වැඩි මිලට වී ගැනීමෙන් සහල් මිල තවත් වැඩි වේවි – සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

228

මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ගොවීන්ගෙන් වැඩි මිලට වී මිලදී ගැනීම නිසා තව සති දෙකක් යද්දී සහල් මිල රුපියල් 20කින් පමණ ඉහළ යනු ඇතැයි සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික‍්‍රම මහතා ඊයේ (04වැනිදා) ‘දිවයින’ට පැවසීය.

මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් පාරිභෝගිකයා තවත් අසීරුවට පත් වන බවත්, සහල් සඳහා පාලන මිලක් ඇති කර පාරිභෝගිකයා ආරක්‍ෂා කරන ලෙසත් සුරාජ් ජයවික‍්‍රම මහතා රජයෙන් ඉල්ලා සිටී.

නාඩු සහල් සඳහා රුපියල් 110ක්, සම්බා සහල් සඳහා රුපියල් 130ක් සහ කීරි සම්බා සහල් සඳහා රුපියල් 160ක් ලෙස මිල ලබාදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත්, වැඩි මිලට සහල් විකුණන වෙළෙන්දන් සඳහා රජය පැනවූ රුපියල් ලක්‍ෂයේ දඩය ක‍්‍රියාත්මක කරන ලෙසත් සුරාජ් ජයවික‍්‍රම මහතා ඉල්ලා සිටියේය.

මහා පරිමාණ වී මෝල් හිමියන් කරන මෙම කි‍්‍රයාවෙන් සිදුවන්නේ කුඩා මෝල් හිමියන් නැත්තටම නැතිවී යන එක යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment