වැඩ කරන්න බැරි නම් රාජ්‍ය සේවයෙන් යන්න – ජනපති පවසයි

267

කිසිවෙකුට නිකරුණේ කන්න දීමට රජය සූදානම් නැති බවත් වැඩ කළ නොහැකි සියලු දෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙසට තමා දැනුම් දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් අවධාරණය කළේය.

නැවත එක්සත් ජාතික පක්‍ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැඟීමට නොපමාව එක්වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවත් පැවසූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් සියලු දෙනා ඒකරාශී කර

ගැනීම තම අරමුණ බවත් ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඉදිරි සැලසුම් පිළිබඳ සමාලෝචනයට කැඳවා තැබූ එම හමුවට එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් මහජන නියෝජිතයෝ හා රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

අලුත් දේශපාලන න්‍යායක් සහ ශීලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බව ද පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා පැරණි දේශපාලන ක්‍රමය දැන් ජනතාවගෙන් ප්‍රතික්‍ෂේප වී අවසන් බවත් බෙදී සිටි කාලය අවසන් බැවින් රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නොපමාව ගත යුතු බවත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment