වැඩ බලන ජනපති වැඩි වැඩ පවරාගනී

785


වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමග ආරක්ෂක අමාත්‍යංශයට අමතරව මෙතෙක් තාක්ෂණ ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබූ කළම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැණ ප්‍රයිවෙට් ලිමිටඩ්,ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ද තමා යටතට පවරා ගෙන ඇත.ඒ සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කර තිබේ.මෙම ආයතන මීට පෙර තාක්ෂණ ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළ ධම්මික පෙරේරා මහතා යටතට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පවරා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment