වැඩ භාර ගන්න ගිය සභාපතිට වෙඩි තබයි

2338

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයෙකුට අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද උදෑසන 7.35ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත.වෙඩි වැදීමෙන් තුවාල ලැබු 62 හැවිරිදි පුද්ගලයා මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට සිය මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණයවී ඇත .රෝහල් ගත කළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment