රජයේ වැඩ ලක්ෂයක් ජාතික වැඩසටහන අද (3 දා) දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කෙරේ.
මෙවර අය වැයෙන් යෝජනා කරන ලද මෙම ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාමසේවා වසම් 14500ම ආවරණයවන පරිදි විවිධ සංවර්ධන වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇත.
මේ සඳහා අයවැයෙන් රුපියල් බිලියන 85ක මුදලක් වෙන්කර තිබේ.
මේ යටතේ මාර්ග, පාලම්, ඇළවේලි, පාසල් සංවර්ධන කටයුතු මෙන්ම වගා සංවර්ධන ව්‍යාපෘති සත්ත්ව ගොවිපළ කටයුතු ගෘහ කර්මාන්ත ආදී ජීවනෝයපාය සංවර්ධන ව්‍යාපෘති රැුසක් ඒ ඒ ග්‍රාමසේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක වේ.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික වැඩසටහන ආරම්භවීමට නියමිතය.
අනුර බාලසූරිය