වැඩ වර්ජනයට එක් නොවූ පිරිසක්

605


අද දින වෘත්තීය සමිති කිහිපයක් විසින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ ද ඛණිජ තෙල් සංස්ථාව,ලංකා බැංකුව සහ මහජන බැංකුව සාමාන්‍ය සිය සේවා කටයුතු සිදුකරන බව එහි ප්‍රධානීහු සඳහන් කරති.ඒ අනුව ඛණිජ තෙල් සංස්ථාව සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදු කරන බව එහි සභාපති එම්.යූ මොහොමඩ් මහතා පවසයි. අද පෙරවරුවේ පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600 තොග සහිත බවුසර් 300ක් මෙහෙයුම් සිදුකළ බවද සඳහන් කරයි.ලංකා බැංකුව සහ මහජන බැංකුව ද මෙම වැඩ වර්ජනයට සහාය පළ නොකරන බවත් ඒ අනුව දිවයින පුරා පිහිටි තම බැංකු ශාඛා සියල්ල ක්‍රියාත්මක බවත් පවසයි.ලංකා බැංකුවේ මහා කළමණාකරු රසල් ෆොන්සේකා මහතා පවසන්නේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයින පුරා පිහිටි ශාඛා 265 අද ක්‍රියාත්මක බවය. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පවසන්නේ දිවයින පුරා පිහිටි තම බැංකු ශාඛා 340 ද අද දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවය.එසේම සේවකයින්ගේ පැමිනීමද සියයට 75ක් බවය.මේ අතර විදුලි බල මණ්ඩලයේ මුදල් අයකැමි වෘත්තීය සමිතිය මෙම වැඩ වර්ජනයට සහාය නොදක්වන බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment