වැඩ වර්ජනයෙන් රටම අඩපණයි

199


රාජ්‍ය ,අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසක් රජයට එරෙහිව අද ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා දිවයින පුරා සාමාන්‍ය කටයුතු වලට බාධා සිදුව ඇත.පාසල් වෙත ළමුන් පැමිණීම ද සම්පූර්ණයෙන්ම වාගේ අඩපන වී තිබුණි.රාජ්‍ය අංශයෙන් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවගේද අඩුවක් දකින්නට ඇත.පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව,මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තු,තැපැල් දෙපාර්තුමේන්තුව වෙත සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාවගේද අඩුවක් පවතී.දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු පැමිණ තිබුණද ඒවා අලෙවි කිරීමට තොග වෙළෙඳුන් පියවර ගෙන නොතිබුණි.රෝහල්හි බාහිර රෝගී අංශද අද උදෑසන අඩපනවී තිබුණි.නිදහස් වෙළෙඳ කළාප වල සහ වතු සේවකයින් විශාල පිරිසක්ද රජයට විරෝධය පළ කරමින් අද උදෑසන සේවයට වාර්තා කර නොතිබුණි.මේ වන විට දිවයිනපුරා ප්‍රධාන නගර වල රජයට විරෝධයපා කලු කොඩි එල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment