වැන්කුවර් පොලිසිය අත්අඩංගුවට ගත් ගෝත්‍රික වැසියාට ඩොලර් ලක්‍ෂයක වන්දියක්

569

කැනඩාවේ වැන්කුවර් බැංකුවක් වෙත පැමිණි ගෝත්‍රික වැසියකු සහ ඔහුගේ මිනිබිරිය නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම ගැන කැනඩා පොලිසිය වරදකරු වී ඇත.

 මේ නිසා ඔවුන්ට ඩොලර් ලක්‍ෂයක වන්දියක් ගෙවීමට පොලිසියට සිදුවී තිබේ. මැක්ස්වෙල් ජොන්ස්ටන් නැමැති එම ගෝත්‍රිකයා ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්නුම් කර බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පැමිණ ඇතැයි බැංකු සේවකයන් පොලිසියට දන්වා තිබුණි.

 පොලිස් කොමිසමද පොලිසිය වරදක් කර ඇතැයි පිළිගෙන තිබේ. පසුව ඔහු සහ මිනිබිරියගෙන් සමාව යැදීමට පොලිසිය එකඟ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment