වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කර ප්‍රතිශෝධන අයවැය මගින් ආර්ථිකය හරි පාරට ගෙන තිබෙනවා

131
  • එජාප සභාපති වජිර අබේවර්ධන

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අර්බුදයට මුහුණපෑ රට නිවැරදි මාර්ගයට ගෙන ඒමට ප්‍රතිසංශෝධිත අයවැය මගින් පියවර ගෙන තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දර්ශනය එක් කණ්ඩායමක් වෙනුවෙන් ඉලක්ක කරගත් එකක් නොව, එය සමස්ත මහජනතාව

නඟාසිටුවීම වෙනුවෙන් සැකසුණු එකක් බව හෙතෙම සඳහන් කළේය.

කොළඹදී ඊයේ (30 දා) මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

ආර්ථිකය සමතුලිත කිරීමට නම් අහස උසට ගිය ඩොලරයේ මිල ක්‍රමක්‍රමයෙන් පහළට ගැනීමට පියවර ගත යුතුව තිබෙනවා. අනෙක් අතට නැවත රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 6 ක් වත් සොයාගත යුතු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුද්ගලයන් සහ ආයතන සමඟ මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබෙනවා.

අපේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා අපි තෝරාගෙන තිබෙන්නේ ජපානයයි. ජපානය අපේ ණයකරුවන් සියලුදෙනා ගැන සොයා බලා අපිට ආධාර ලබාදෙන සියලු දෙනා ගැන සොයා බලා කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සකසා දෙනවා. ජනාධිපතිතුමා ජපානයට යන්නෙත් මේ කරුණු කාරණා

මුල්කරගෙනයි. ඒ අනුව අපිට පුළුවන් වෙනවා 2019 දෙසැම්බර් මාසයෙන් පස්සේ රටේ කඩාවැටුණු ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒමට.

දැනට රටේ තිබෙන ව්‍යාපාර පදනම් කරගෙන යම්කිසි කෙනෙක් අයුතු ලාභ ලබනවානම් ඒ අයුතු ලාභ ලැබීම පාලනය කිරීම සඳහා රජය විසින් නව නීති රීති ගෙන ආ යුතුව තිබෙනවා. ඒ අයුතු ලාභ ලබාගත් අයගේ විශේෂ සහයෝගයක් රටේ සියලු මහජනතාව වෙත ලබාදිය යුතුයි. ඒ අයුතු ලාභ රජය සතු කරගෙන ඒ අයුතු ලාභ නැවත ජනතාව සතු කරන්න තිබෙනවා. රජයක් විදිහට රටේ ධනවතුන් ආරක්‍ෂා කිරීම වරදක් නොවේ. නමුත් ඒ ආකාරයෙන්ම රටේ සමස්ත මහජනතාවම ආරක්‍ෂා කළ යුතුව තිබෙනවා. ඒ නිසා එවැනි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රතිසංශෝධන අයවැය පිටිවහලක් වේවි යැයි ද අබේවර්ධන මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment