වැරදි හදාගෙන වසංගතයෙන් රැකෙමු – * පෙරඹර

85

2020 ජනාවරි මස සිට කොවිඞ් – 19 වෛරසය ශ‍්‍රී ලාංකික සමාජයට හා ආර්ථිකයට මේ වන විටත් දැඩි බලපෑමක් සිදු කරමින් පවතී. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එය පාලනයේදි වැරදුනු හා වරද්දා ගත් තැන් පිළිබඳව විශ්ලේෂණයක් කිරීම තුළින් එම අර්බුදයෙන් ගොඩඑන මාර්ගය පිළිබඳ කතිකාවතක් ආරම්භ කිරීමයි.

 ශ‍්‍රී ලංකාව රටක් ලෙස මෙම වෛරසය මූලික අවස්ථාවේදීම එය පාලනය කිරීමට විවිධ උපක‍්‍රම යෝජනා ලෙස අප සංගමයක් ලෙස ජනාධිපති කාර්යසාධක බළකායේදී ගුවන් තොටුපළ වසා දැමීමත්, රට තුළ දැඩි සංචරණ සීමා ඇති කිරීමත් (Lock Down) යෝජනා කළ අතර එය ක‍්‍රියාත්මක වීම නිසා පළමු රැුල්ල (1st Wave) සාර්ථකව පාලනය කිරීමට හැකි විය. එම සාර්ථකත්වය නොරිස්සූ ඇතමුන් සිය දේශපාලනික හා වෛරී මතවාද ක‍්‍රියාත්මක කරමින් එම ක‍්‍රියාවලිය විවේචනය කිරීමත්, එහි ආර්ථික අවාසිය පමණක් උලූප්පා දැක්වීමත්, අප සංගමය දැඩි ලෙස විවේචනය කිරීමත් සිදු වන අයුරු අප උපේක්ෂාවෙන් බලා සිටියෙමු.

 රට වසා දැමීමෙන් පමණක් නතර නොවුණු අප රට විවෘත කිරීම සඳහා වන උපක‍්‍රමය (Exit Strategy) රජයට පෙන්වා දෙමින්, නව සාමාන්‍යකරණය යටතේ (New Normalcy) රට පවත්වාගෙන යන ආකාරය ඉදිරිපත් කළෙමු. එහිදී DREAM සංකල්පය (D – Distancing, Re – Respiratory etiquette, A – Aseptic techniques, M – Mask) රට තුළ ක‍්‍රියාත්මක වීමත්, රෝගීන් හඳුනා ගන්නා ප‍්‍රදේශ කුඩාම ඒකක ලෙස සංචරණ සීමා පැනවීමත් (Zonal Lockdown) අත්‍යවශ්‍ය බව අප රජයට පෙන්වා දුන්නෙමු. නමුත් එම තීරණ ජනාධිපතිවරයා පවා පිළිගෙන තිබෙන පසුබිමක ආර්ථික විශේෂඥයන් හා සෞඛ්‍ය විශේෂඥයින් යැයි සිතා සිටින පුද්ගලික න්‍යාය පත‍්‍ර මත කටයුතු කරන පුද්ගලයන් මෙම උපක‍්‍රමය රට තුළ ක‍්‍රියාත්මක නොකිරීම නිසා අවසානයේ සෑම රැුල්ලක්ම
 (Waves) පාලනය සඳහා මුළු රටම  Lockdown කිරීම පමණක් එකම උපක‍්‍රමය බවට පත් කිරීම අවාසනාවකි. කළ යුතු දේ නිසි කලට කළේ නම් රට ආර්ථිකමය වශයෙන් හා සාමාජීය වශයෙන් මෙතරම් දුර්වල කිරීමට කොවිඞ් – 19 වෛරසයට ඉඩ නොලැබෙනු ඇත.

 මෙම උපක‍්‍රමය තුළ ඉන්පසු වැදගත්ම කාරණය වනුයේ එන්නත්කරණය නිවැරදි කාණ්ඩ වලට (අවදානම් අනුපිළිවෙළ අනුව) නිවැරදි අවස්ථාවේදී ලබා දීමයි.

 එන්නත් මගින් රෝගය පැතිරීම වැළැක්වීමට වඩා සංකූලතා මතු වීම අඩු කිරීමත්, මරණ අවම කිරීමත්, බලාපොරොත්තු විය හැක. එම නිසා 2021 මුල භාගයේ සිටම අප මෙම එන්නත් සෞඛ්‍ය, ආරක්ෂක වැනි ඉදිරිපෙළ සේවාවන්ට ලබා දීමෙන් පසු ජිවිත අවදානම් ඇති කාණ්ඩ මත වයස අවුරුදු 60 ට වැඩි පිරිස, බෝ නොවන රෝග ඇති පිරිස හා ගර්භනි මාතාවන් එන්නත්කරණය කළ යුතු බව පෙන්වා දුන්නද කිසිදු පදනමකින් තොරව අවුරුදු 30 සිට වැඩි අයට සීමිත එන්නත් තොග ලබා දීම නිසා අද වන විටත් අධි අවදානම් කාණ්ඩ සම්පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කර ගැනීමට නොහැකි වී ඇත. හතරවැනි රැල්ලේ  (4th Wave)  මරණ පිළිබඳ විශ්ලේෂණය කිරීමේදි එම මරණ වැඩි වීමට ප‍්‍රධාන හේතුව මෙය බව පෙනී යයි.

 එන්නත්කරණයේදී හා වසංගතය පාලනයේදි රටේ විවිධ පාර්ශ්වවල සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. නමුත් එම පාර්ශ්ව කුමන මට්ටමකට හා කුමන ක‍්‍රියාවලි සඳහා යොදා ගන්නේද යන්න සෞඛ්‍ය විශේෂඥයන් තීරණය කළ යුතුය. නමුත් එන්නත්කරණ ක‍්‍රියාවලියේදී සමහර පාර්ශ්ව, සෞඛ්‍ය අංශ අභිබවා විද්‍යාත්මක පදනමකින් තොරව කටයුතු කිරීම එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථක වීමට හේතුවක් වී ඇත. රාජ්‍ය නායකත්වය ඍජු මැදිහත් වීමකින් රටට අවශ්‍ය එන්නත් තොග ලබා ගැනීමට කටයුතු කළද, වසංගත පාලනයේ අවශ්‍ය ප‍්‍රතිඵලය නොලැබී යෑමට මෙවැනි කාරණා හේතු වී ඇත.

 වසංගතය පාලනය කිරීමේදි මෙය මහජන සෞඛ්‍ය පිළිබඳ අවදානම් තත්ත්වයක්, (Public Health Emergency) බවත් එය ජයග‍්‍රහණය කිරීමට නම් රජය පූර්ණ ලෙස කැපවීමත්, සෞඛ්‍ය අංශ ධාරිතාව උපරිමයෙන් පවත්වා ගැනීමත්, මහජන විශ්වාසය හා සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් ඉතා පැහැදිලිය. නමුත් ජනතාවට නිවැරදි යාවත්කාලීන දත්ත නොලැබී යෑමත්, නිරෝධායන නීති ක‍්‍රියාත්මක කිරීමේදී සියලූ පුද්ගලයන්ට සමානාත්මතාවයෙන් තොරව ක‍්‍රියාත්මක කිරීමත් නිසා මහජන විශ්වාසය පළුදු වී ඇත. බලධාරීන් සිදු කරන කෙනහෙලිකම් නිසා සෞඛ්‍ය කාණ්ඩ අධෛර්යයට පත් වෙමින් සිටියි. මෙය වසංගතය පාලනය කිරීමේදී ඉතා අහිතකර ලෙස බලපානු ඇත.

 වසංගතය පාලනය පුරාවටම තාක්ෂණික කාරණා ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රමාද වීම (පළමුවෙනි/ 1st wave රැල්ලේදි හැර) රටේ සාමාජිය හා ආර්ථිකමය කඩා වැටීමට බලපා ඇති බව පෙනී යයි. මේ වන විටත් පාසල් වසා දමා වසර 2 කට ආසන්න කාලයකි. ඇති හැකි දරුවන් Online අධ්‍යාපනය ලැබුවද එය අධ්‍යාපනය, යන්නට නිවැරදි අර්ථය සපයන්නේද යන්න ගැටලූවකි. එබැවින් මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන පෙන්වා දී ඇති පරිදි ෆයිසර් එන්නත දරුවන්ට (12 – 18 ත් අතර) ලබා දිය හැක. එය ලබා දී දරුවන් පාසල් වලට ගෙන ඒම කළ යුතුව ඇත. ඒ සඳහා අප සංගමය කළ ඉල්ලීම ජනාධිපති කාර්ය සාධක බළකාය දැනුවත් කළ අතර තාක්ෂණික තීරණ ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

 එම තීරණය ලද විගස දරුවන් එන්නත්කරණය ආරම්භ කරනු ඇති බවත්, ෆයිසර් එන්නත එම කාණ්ඩයට වෙන් කර ඉහළ ප‍්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කළහොත් අපේ අනාගත පරම්පරාවට සාධාරණය ඉටු වෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

 මෙම තීරණයටද අද නොව හෙට ප‍්‍රතිපත්තිය බලනොපානු ඇතැයි අප විශ්වාස කරමු.

වැරදි හදාගෙන වසංගතයෙන් රැකෙමු  -   * පෙරඹර



 වෛද්‍ය  නවීන්ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment