වැලමිටියාවේ කුසලධම්ම නාහිමි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

185

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29 දා) අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ‍්‍රී දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ඊයේ පස්වරුවේ ගිය ජනාධිපතිවරයා ශ‍්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සහ නාහිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment