වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති – වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය ආලෝකවත් කළ තෙරනමක් – නියංගොඩ විජිතසිරි අනුනාහිමි

422
වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි

* වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය

 * සිව්වනක් පිරිසෙහි  ගෞරවාදරය දිනා ගනිමින්  උභය ලෝකාර්ථය පිණිස  යතිවර ජීවිතය කැප කළා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

 * කුසලධම්ම නාහිමි  අපේ රටේ එක් යුගයක් – අගමැති මහින්ද රාජපක්ෂ

 * සියපතක් සේ සුවද  විහිදුවාලමින් නාහිමියෝ  කළ මෙහෙවර අපමණයි – විපක්ෂ නායක සජිිත් පේ‍්‍රමදාස

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි

 සෑම විටෙකම සම්බුද්ධ දේශනාව අනුව භික්‍ෂූත්වය තහවුරු කරගෙන කටයුතු කළ අපවත්වී වදාළ කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝ නායක විද්‍යාලංකාර පරිවේනාධිපති අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ශීලාදී ගුණයන් මනා ලෙස ආරක්‍ෂා කළ යතිවරයාණන් වහන්සේ නමකයැයි ගම්පහ වික‍්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කුලපති මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ පැවසූහ.

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි


කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ඊයේ (31 වැනිදා) පැවැති අපවත්වී වදාළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධ්ම නාහිමියන්ගේ ශී‍්‍ර දේහය පිළිබ`ද ආදාහන පූජෝත්සවයේදී අනුශාසනවක් කරමින් උන්වහන්සේ මේ බව ස`දහන් කළහ.

 අපවත්වී වදාළ කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර පරිවේණාධිපති අතිපූජ්‍ය ධර්මකීර්ති ශ‍්‍රී වැලමිටියාවේ කුසලධම්මාභිධාන මහ නාහිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහය තැන්පත් කරන ලද විශේෂ රන්සිවි ගෙය සහිත රථය ඊයේ (31 වැනිදා) පස්වරු 2.10 වන විට කොළඹ නිදහස් චතුරශ‍්‍රය වෙත රථ පෙරහරකින් වැඩම කරනු ලැබූහ.

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි



ඉන් අනතුරුව උන් වහන්සේගේ ශී‍්‍ර දේ්හය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේල නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේ සකස් කොට තිබූ විශේෂ පීඨිකාවේ තැන්පත් කළහ.

 කැලණිය විද්‍යාලංකාර පිරිවෙනින් ආරම්භ වූ ආදාහන පූජෝත්සව රථ පෙරහැර එලෙස නිදහස් චතුරශ‍්‍රය දක්වා පැමිණෙන අතරවාරයේ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා මගින් ගුවනේ සිට මල් ඉසිමින් නාහිමි ශී‍්‍ර දේහයට පූෂ්පෝපහාර දැක්වීය.

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි



 නාහිමි ශී‍්‍ර දේහය විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. එහිදී පැමිණ සිටි මහා සංඝරත්නය හා අගමැති මහින්ද රාජපක්‍ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, සභානායක අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු මෙන්ම විදේශීය තානාපතිවරුන් ඇතුළු ආදාහන පූජෝත්සවයට සහභාගි වූ මැති ඇමැතිවරුන් හා සෙසු ගිහි පිරිස් පිළිගනිමින් විද්‍යාලංකාර පරිවේනාධ්‍යක්‍ෂ වැලිමිටියාවේ ඥාණරතන හිමියෝ පැවිදි අනුශාසනාව පැවත්වූහ.

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි


අනතුරුව ආදාහන පූජොත්සවයට සහභාගි වී සිටි මහ සංඝරත්නය ප‍්‍රධාන සියලූ දෙනා පිළිගනිමින් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ගිහි පිළිගැනීමේ කතාව පැවත්වීය.

 ඉන් පසුව කොස්සින්න රජමහා විහාරවාසී රත්මල්විට චන්දානන්ද හිමියන්ගේ ආරාධනාවෙන් ගම්පහ වික‍්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ පිරිස පංචශීලයේ පිහිටුවමින් මහාසංඝරත්නය උදෙසා මතක වස්ත‍්‍ර පූජාකොට අපවත්වී වදාළ කුසලධම්මාභිධාන නාහිමියන්ට පුන්‍යානුමෝදනා කිරීම ආරම්භ කළහ.

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි

මෙහිදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩසිටින මෙන්ම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අනෙකුත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ මෙන්ම ඥාතීහු පැන් වඩා අපවත් වී වදාළ නාහිමියන්ට පිං අනුමෝදන් කරනු ලැබූහ.

 වැඩිදුරටත් අනුශාසනා කළ නියංගොඩ විජිතසිරි අනු නාහිමියෝ මෙසේද පැවසූහ. ‘ජීවිතය පිළිබ`ද ධර්මාන්විත අවබෝධයත් සම`ග තමන් වහන්සේගෙන් ඉටුවිය යුතු ශාසනික සේවය කුමක්ද යන්න හා භික්‍ෂූත්වය තුළින් සමාජයට දියයුතු වටිනා කෘතහස්ත කාර්ය සමුදාය කුමක්ද යන්න පිළිබද මනා අවබෝධයක් කුසලධම්ම නාහිමියන් තුළ තිබුණා.

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි


උන් වහන්සේ මල්වතු මහාවිහාර පාර්ශ්වයට අයිති මහ තෙරනමක් වශයෙන් කටයුතු කළ වටිනා යතිවරයාණන් වහන්සේ නමක්. මල්වතු මහාවිහාර කාරක සංඝ සභාවෙන් උන්වහන්සේට පැවරෙන යම් ශාසනික මෙහෙවරක් වේද ඒ සියල්ල උන්වහන්සේ මැනවින් ඉෂ්ඨ කළා.

 විද්‍යාලංකාර පරිවේණාධිපති ලෙස මල්වතු කාරක සංඝ සභාවෙන් ප‍්‍රදානය කරන ති‍්‍රපිටක වාගීෂ්වරාචාර්ය උපාධ්‍යාය ධුරය ඉතාම සැළකිල්ලෙන් භාරගෙන එම පදවියට අදාළව පවතින ගැඹුර මනා ලෙස තේරුම් ගෙන ශාසනික වශයෙන් එමගින් ඉටුවිය යුතු වගකීම ඉටුකරන්නට කුසලධම්ම හිමියන් වාසනාවන්ත වුණා.

වැලමිටියාවේ නාහිමියෝ දැයෙන් සමුගනිති - වැලමිටියාවේ  කුසලධම්ම නාහිමි සාධුවිහාරීත්වය  ආලෝකවත් කළ  තෙරනමක් - නියංගොඩ විජිතසිරි අනුනාහිමි

 එපමණක් නොවෙයි. උන්වහන්සේ මේ රටේ ලොකු, කුඩා, බාල, මහළු, තරුණ සියලූ භික්‍ෂූන් වහන්සේ සුහදව ආශ‍්‍රය කරමින් භික්‍ෂු ජීවිතයේ පවතින ගාම්භීරතාව අවබෝධ කරදෙමින් ළයාන්විතව අවවාද අනුශාසනා සිදු කළා. දුකේදී මෙන්ම සැපේදීත් සහසම්බන්ධව කටයුතු කරන්නට උන්වහන්සේ කි‍්‍රයා කළා.

 විද්‍යාලංකාරය නිර්මාණය කළ සම්ප‍්‍රදාය තුළ විශේෂයෙන් අපේ භාෂා ශාස්ත‍්‍රයට අදාළ ව්‍යාකරණ නීතිරීති ධර්මවිනය විග‍්‍රහයන් සිදුකිරීමේදී පවතින ගම්භීරතාව අර්ථවත්භාවය සමාජගත කරන්නටත් ඒ තුළින් නැණ නුවණ දියුණු කරන්නටත් පුළුවන් වුණා.

 එහිදී මේ සියලූ වගකීම් පිළිබ`ද හො`ද අවබෝධයක් කුසලධ්ම්ම නාහිමි තුළ පැවතුණා. උන්වහන්සේ සිය ආචාර්ය පාදෝත්තම රත්මලානේ ධම්මාලෝක නාහිමියන් එදා අදහස් කළ ඒ වටිනා අදහස් මාලාව තහවුරු කරමින් කටයුතු කිරීමට කි‍්‍රයා කළා.

 ඒ වගේම විද්‍යාලංකාරය සෝභාමත් කළ කිරිවත්තුඩුවේ පඥ්ඥාසේකර, සහ අග්ග මහා පණ්ඩිත යක්කඩුවේ පඤ්ඤාරාම යන උතුම් යතිවරයාණන් වහන්සේලාගේ අපේක්‍ෂාවන් තහවුරු කරමින් ඒවා සමාජගත කිරීමටත් කටයුතු කළා.

 උන්වහන්සේ පැහැදිලිවම සාධුවිහාරීත්වය මනා ඇවතුම් පැවතුම් තුළින් අලෝකවත් කළ යතිවරයාණන් වහන්සේ නමක් යැයිද පැවසූහ.

 මෙහිදී සම්ප‍්‍රදාය අනුව මාලිගාකන්ද විෙද්‍යාදය පරිවේනාධිපති ආචාර්ය බලංගොඩ සෝභිත හිමියෝද අනුශාසනාවක් පැවත්වූහ.

 අදාහන පූජෝත්සව අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එවන ලද විශේෂ ශෝක පණිවිඩය පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප‍්‍රකාශ කරනු ලැබීය. එම ප‍්‍රකාශය මෙසේය.

 ශී‍්‍ර ලාංකීය ස`ග පරපුර සහ බෞද්ධ ප‍්‍රබෝධයේ කේන්ද්‍රස්ථානයක් වන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන සෝභාවත් කළ යතිවරයාණන් වහන්සේ අතර වර්තමාන දියුණුවේ පුරෝගාමී යතිවරයාණන් වහන්සේ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධ්ම්ම නාහිමිපාණන් වහන්සේය.

 සිව්වනක් පිරිසෙහි අතිශය ගෞරවාදරය දිනා ගනිමින් උභය ලෝකාර්ථය පිණිස අප නාහිමිපාණන් වහන්සේ සිය යතිවර ජීවිතය කැප කළහ. ධර්ම, ශාසන විෂයෙහි අප‍්‍රමාදීව කි‍්‍රයා කළ පිංවත් යක්කඩුවේ ශී‍්‍ර පඥ්ඥාරාම නාහිමිපාණන් වහන්සේගෙන් අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධ්ම්ම වහන්සේ ලැබූ අභාෂය ශාස්ත්‍රොන්නතියටත් සමාජ විශෝධනය කෙරෙහිත් නිරන්තරයෙන් පිරිමහන මෙහෙයක ඉටු කිරීමට හේතු විය.

 ශාසන පරම්පරාගත සම්ප‍්‍රදායයන් සුරක්‍ෂිත කරමින් අනාගත බුද්ධ පුත‍්‍රයන් වහන්සේට අවශ්‍ය පසුබිම න`ගා සිටුවීමට මෙන්ම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් දහස් ගණනකගේ හිතසුව පිණිස අදාර්ශයෙන් කි‍්‍රයා කළ උන්වහන්සේගේ අපවත්වීම පිරිමැසිය නොහැකි අවකාශයක් ශේෂ කර ඇත.

 අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපතිත්තවය දරමින් දහම් අධ්‍යාපනය දියුණු කිරීමත් දැයට හිතවත් ගුණවත් නැණවත් දරු පිරිසක් බිහි කිරීමත් අපවත් වී වදාළ කුසලධ්ම්ම නාහිමියන්ගේ පරම අභිලාෂය වූ බව ස`දහන් කළේය.

 කුසලධම්ම නාහිමියන් ඉටු කළ සේවාව නිසාම මල්වතු මහා විහාරයේ මහානායක ස්වාමීන් වහන්සේ ප‍්‍රධාන කාරක සංඝ සභාව උන්වහන්සේට කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමූ බවද අගමැතිවරයා පැවසීය.

 ‘ත්‍රෛයි නිකායික භික්‍ෂූන් වහන්සේ සම`ග සුහදශීලීවීමට නායක හාමුදුරුවන්ට පුළුවන් වුණේ උන්වහන්සේ ළ`ග තිබූ නිහතමානීකම නිසයි. වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන් කියන්නේ අපේ රටේ යුගයක්. උන්වහන්සේ සිදු කළ ආගමික, ශාසනික, අධ්‍යාපනික හා ජාතික මෙහෙවර එතරම්ම වැදගත් බවද අගමැතිවරයා පැවසීය.

 මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා – ශ‍්‍රී සම්බුද්ධ ශාසනයෙහි පැවිද්ද කියන්නේ අතිශයින්ම දුර්ලභ දෙයක්. පරම පූජනීය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවන් දුර්ලභ මාවතක් තෝරාගෙන උතුම් භික්ෂු ජීවිතයක් ගතකළා.

 ”චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය….” ආදී වශයෙන් ”වැඩි දෙනකුගේ යහපත සඳහා ලෝකය කෙරෙහි කරුණාවෙන් දෙවි මිනිසුන්ගේ යහපත සහ ලාභය සලසා දීමේ අරමුණින් ඉදිරියටම ගමන් කරන්න”‍කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

 අපේ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ ඒ උතුම් කටයුත්ත නොපිරිහෙලා ඉටු කළා.

 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනට නේතෘත්වය ලබාදෙමින් අප‍්‍රතිහත ධෛර්යෙන් කාර්ය කටයුතු සොයා බලමින් වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ ආයතනයට, වැඩවෙසෙන පළාතට හා මුළු මහත් රටට ම සිදුකර ඇති සේවාව ප‍්‍රශංසනීය යි.

 උන්වහන්සේගේ චරිතය අපගේ ජීවිතයට මහත් වූ පාඩම් කියා දුන් බවත් උන්වහන්සේගේ අවවාද අනුශාසනා අපට මහත්වූ ශක්තියක් වූ බවත් සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපගේ නාහිමිපාණන් වහන්සේ මාගේ දයාබර පියාණන් සමඟ අතිශයින් ලෙංගතුව කටයුතු කළ බව අපගේ මතකයේ තිබෙනවා.

 සියපතක් සේ සුවද විහිදුවාලමින් දශක අටකට වැඩි කලක් මුළුල්ලේ මහත් වූ ශාසනික සහ සමාජයීය මෙහෙවරක යෙදුණ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් සිදුකළාවූ අනූපමේයයි.

 විපක්‍ෂ නායකවරයාගේ අදහස් දැක්විමෙන් අනතුරුව අපවත්වී වදාළ අතිපූ්‍ය වැලමිටියාවේ කුසලධ්ම්ම නාහිමියන්ගේ ශී‍්‍ර දේහය පිළිබ`ද ආදාහනය කටයුතු කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ සකසා තිබූ චිතකයට  ගිනි දල්වා සිදු කරනු ලැබීය.

 සමන් ගමගේ, මහරගම – එස්. ඞී. අබේසිංහ, කැලණිය – මංගලා මදුරප්පෙරුම – පින්තූර – නිමල් දයාරත්න, තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment