වැල්පාලමෙන් ගොඩගියේ ලංකාව නොවේ ජනපතියි – ජී.එල්. පීරිස්

22

ජනාධිපතිවරයා පවසන ආකාරයට ලංකා මාතාව වැල්පාලමෙන් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත්, එම වැල්පාලමෙන් ගොඩගියේ ජනාධිපතිවරයා බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

රජය මොන පම්පෝරි ගැසුවත් ෂඵත්‍ නියෝජිතයන් පවා ප්‍රකාශ කර ඇත්තේ ලංකා ආර්ථිකය තවමත් පිහිතුඩක පවතින බව යැයි ද, කොළඹ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

පැරිස් සමාජය විසින් අත්සන් කළ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද සහ හෙට (02දා සහ 03දා) පාර්ලිමේන්තුව රැස්වන බවත්, පැරිස් සමාජය අත්සන් කළ ගිවිසුම අන්තර්ජාලයට යොමු කර ඇති බවට ප්‍රකාශ කළත් මේ වනතෙක් එය සිදුවී නැති බවත් හෙතෙම කීය.

රට බංකොලොත්භාවයෙන් මිදුණා යැයි පවසමින් රජය මහජනතාව රවටන බවත්, නමුත් මහජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් ඔහු කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment