වැල්මිල්ලල නරිකන්ද පාමුල දී බිහිසුණු අනතුරක්

742

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ලල නරිකන්ද පාමුල දී ලංගම බස්රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තරුණයන් තිදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.

ත්‍රීරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කරමින් තිබිය දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සහ දැරීමේ දී කැස්බෑව දෙස සිට පැමිණි බස්රථයේ පිටුපස බඳ කොටසේ ගැටී එම අනතුර සිදුව තිබේ.

ත්‍රීරෝද රථයේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment