වැල්ලම්පිටිය සිට කොටිකාවත්ත තෙක් මාර්ගය වසයි

292

කඩුවෙල සිට ඔරුගොඩවත්ත දක්වා වූ භූගත ජල නළ පද්ධතිය සකස් කිරීම හේතුවෙන්කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස හෙට රාත්‍රී 10.00 සිට අනිද්දා සවස 5.00 දක්වා තාවකාලිකව වසා තැබෙන බවට පොලීසිය පවසයි.

මෙම කාලය තුළ කොළඹ දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණිය හැකිය.
අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන්කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment