වැල්ලවත්ත මුහුද ළඟ අභිරහස් මළ සිරුරු දෙකක් – එක් අයකු ගෙල කපා මරලා

713

* අනිත් සිරුර වෙරළට ගොඩ ගසලා

වැල්ලවත්ත මුහුදු තීරයේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් හා වෙරළට ගොඩ ගසා තිබූ තවත් මළ සිරුරක් පොලිසිය විසින් 5 වැනිදා පස්වරුවේ සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

වැල්ලවත්ත මුහුද ළඟ අභිරහස් මළ සිරුරු දෙකක් - එක් අයකු ගෙල කපා මරලා

රාමක‍්‍රිෂ්ණා පාර අවසානයේ වෙරළට ආසන්නයේග ලඳු කැලෑවක තිබී ගෙල කපා ඝාතනය කළ වයස අවුරුදු 25ක් පමණ පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. එය ආසන්නයේ තිබී ඝාතනයට යොදා ගත් බව කියන තියුණු උල් පිහියක් සොයාගත් තවත්, බෑගයක්, වතුර බෝතල් දෙකක් හා රැුහැන් රහිත ‘බල්ටූත් රෙඞ් සෙට්’ එකක් සොයා ගත් බවත් පොලිසිය පවසයි.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ පොලිස් නිල සුනඛ රෙක්ස් එම ස්ථානයට රැුගෙනවත් පිහියේ ඉව ලබාදීමෙන් පසු ඝාතනය සිදුව තිබූ ස්ථානයේ සිට වැල්ලවත්ත මුවර් පාර ප‍්‍රදේශයට ඉව ඔස්සේ කිලෝ මීටර් එකක් පමණ ගොස් නැවතුණේය. ඒ ආසන්නයේ මළ සිරුරක් තිබී ඇත. මුවර් පාර ආසන්න වෙරළේ මියගොස් සිටි තැනැත්තා වයස අවුරුදු 50ක අයකු බව පොලිසිය කියයි. ගල්කිස්ස වැඩබලන මහෙස්ත‍්‍රාත් රත්නා ගමගේ මහත්මිය එම ස්ථානයට පැමිණ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදු කළාය. මියගිය පුද්ගලයන් දෙදෙනාගේ අනන්‍යතාව හෙළි කරගෙන නැත.

වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රශාන් සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන රංගන ද සිල්වා, රන්දික සිල්වා, පොලිස් සැරයන්වරුන් වන (36228) බණ්ඩාර, (52090) කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන (89477) කුමාර, ( 23702) සේනානායක, (86190) ජයසිංහ, (70034) සංජය, (80765) ජීවන්ත යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දෙහිවල – බී. ගෝමස්

advertistmentadvertistment
advertistmentadvertistment