වැල්ලවායේ පස්වියැති දැරියක් අතුරුදන්!

341

පිටස්තරයෙක් යෝගට් අරන් දීමට දැරිය නගරයට රැගෙන ගිහින්

වැල්ලවාය මුස්ලිම් පල්ලිය පිටුපස පදිංචි පස්හැවිරිදි දැරියක් 10 වැනිදා අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ සෙත්මි අන්සිකා (05) නමැති දැරියකි. මෙම දැරියගේ නිවසට නගරයේ කුළී වැඩකරන සුද්දා නැමති අයකු නිතර පැමිණෙන අතර පෙරේදා (10 දා) සවස දෙකයි තිහට පමණ ඔහු නිවසට පැමිණ දැරියට යෝගට් එකක් අරන්දීමට යැයි පවසා ඇය සමග නගරයට ගොස් ඇත.

සවස 06 වනතෙක් දෙදෙනා නොපැමිණීම නිසා මෙම දැරිය අතුරුදන්වී ඇති බවට මව විසින් පොලිසියට පැමිණිලිකර තිබේ. සිද්ධිය පිළිබඳ වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment