වැලිකඩ අනුරාධපුර හිරගෙදර සිද්ධිවලට ලොහාන් අස්වෙයි – තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත රාජ්‍ය අමාත්‍ය ධූරයේ

116

වැලිකඩ හා අනුරාධපුර බන්ධාගාර පරිශ‍්‍රයන්හිදී තමා අතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම භාරගෙන බන්ධනාගාර කළමනාකාර හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (15 දා) එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණේය.

රාජ්‍ය ඇමැතිවරයා තමා ඉල්ලා අස්වීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (15 දා) බාරදී තිබූ අතර ජනාධිපතිවරයා එය පිළිගෙන තිබුණි.

සිරකරු දිනය යෙදුණු ඉකුත් ඉරිදා (12 දා) සවස අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන් පිරිසකට තර්ජනය කර එක් අයකුගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

මීට අමතරව ඉකුත් 05 වැනිදා රාත‍්‍රියේ මිතුරන් කිහිපදෙනකු සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ එල්ලූම්ගස බැලීමට ගොස් සිටි බවටද චෝදනා එල්ලවී තිබුණි. බන්ධනාගාර පරිශ‍්‍රයේ රැුඳවියන් සිටින ප‍්‍රදේශයකට පිස්තෝලයක් රැුගෙන සිටි අවස්ථාවේ එම ගිනිඅවිය බිම වැටී ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් රාජ්‍ය ඇමැතිවරයා සහ මිතුරන් මහත් පරිශ‍්‍රමයක් දරා පිටතට රැුගෙන විත් ගොස් තිබූ බවත් බන්ධනාගාර නිලධාරීහු පැවසූහ.

රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු ඔහුගේ මිතුරන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් දරුණු ගණයේ රැුඳවියන් රඳවා සිටින සී-3 නමැති වාට්ටුව අසලට ගොස් බැණවදිමින් සිටියදී මහත් පරිශ‍්‍රමයක් දරා ඔවුන් පිරිස ඉවත් කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර නිලධාරීහු පැවසූහ.

අනුරාධපුර බන්ධනාගාරයට ගොස් රැඳවියන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම රැුඳවියන් ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවට ප‍්‍රකාශ කළ බව එම බන්ධනාගාර නිලධාරීහු පවසති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවී තිබූ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සංවිධානය රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඔහු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබුණි.

මෙම සිද්ධීන්වලින් පසු අප බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් කළ විමසීමේදී තමාට එවැනි දෙයක් වාර්තාවී නැතැයි ඒ මහතා ප‍්‍රකාශ කළේය.

චමින්ද සිල්වා – අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment