වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව කල් යයි

133

වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළු වී එහි රඳවා සිටි සිරකරුවන් 8 දෙනකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්‍ෂක නියෝමාල් මෝසස් රංගජීව යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව නිකුත් කිරීම ලබන 12 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (6) නියෝග කළේය.

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව කල් යයි

එම නඩුවේ තීන්දුව ඊයේ (6දා) ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි. තීන්දුව මේ වනවිට සකස් කර ඇති නමුත් මුද්‍රණ දෝෂ කිහිපයක් නිවැරැුදි කිරීමට ඇති බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

ගිහාන් කුලතුංග, ප‍්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහත්වරුන් හමුවේ එම නඩුව කැඳවිණි.

2012.11.10 වැනිදා අලූයම 4.00 ට පමණ සිවිල් ඇඳුමින් සැරසුණ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවී එම ඝාතන සිදුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක – ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment