වැලිකන්දේ තෙල් ගබඩාවට යළි පණදෙයි

227

යුද්ධය පැවැති සමයේදී විනාශයට පත් වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් වැලිකන්ද නගරයට ආසන්න ගබඩාව ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සංකීර්ණයේ ඉන්ධන ලීටර් පනස්හතරදහස බැගින් ගබඩා කළ හැකි ටැංකි 05ක් පවතින බව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.

1989 වසරේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අනතුරුව එම ඉන්ධන ගබඩා සංකීර්ණය විනාශයට පත් වී වල් බිහිවී දිරාපත් වෙමින් පවතී. මෙම ගබඩා සංකීර්ණයට අමතරව ඉන්ධන ලීටර් ලක්ෂ 03ක් ගබඩා කළ හැකි කදුරුවෙල පිහිටි ප්‍රයෝජනය නොගෙන තිබෙන ටැංකි කිහිපය ද ප්‍රතිසංස්කරණය කරන බව ද ඇමැතිවරයා කීය.

මෙම ටැංකි ප්‍රතිසංස්කරණය කර දුම්රිය මගින් ඉන්ධන එම ස්ථානවලට ප්‍රවාහනය කර ඒ අවට ප්‍රදේශවලට බෙදා හැරීම් සිදුකරන බවත් එවිට බවුසර් මගින් එම ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවත් ඇමැතිවරයා කීවේය.

චමින්ද සිල්වා, රෝෂාන් තුෂාර තෙන්නකෝන් – පොළොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment