වැලිගම සංචාරක හෝටලයක විදේශිකයෙක් අභිරහස් ලෙස මිය ගිහින්

563

වැලිගම පෞද්ගලික සංචාරක හෝටල් කාමරයක විදේශීය ජාතිකයෙක් අභිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි. බී. චාල්ස් නැමැති එම තැනැත්තා වයස අවුරුදු පනස් පහක් පමණ වන අයකි.

පසුගිය ජනවාරි මාසයේ එම හෝටලයේ නවාතැන් ගැනීම සඳහා පැමිණි ඔහු පසුගිය

දිනෙක රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව ඔහු වෙන්කර ගත් කාමරයට ගිය බව එම හෝටලයේ කළමනාකරු පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ

මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කරන අතර මියගිය විදේශිකයාගේ දේහය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර මහ රෝහලට පිටත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment