වැලිසර මාරක අනතුරේ සිසුවා හා පියා රිමාන්ඩ්

405

මහබාගේ වැලිසර ප‍්‍රදේශයේ දී පෙරේදා (04 වැනිදා* හය දෙනකුට තුවාල සිදු කරමින් අයකු මරුමුවට පත් වූ මාරාන්තික රිය අනතුර සිදු කළ ශිෂ්‍යයා හා ඔහුගේ පියා ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය.

රියැදුරු බලපත‍්‍ර නොමැතිව සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කර මාරාන්තික රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් දහසය හැවිරිදි ශිෂ්‍යයකු හා එම රථය ශිෂ්‍යයාට ලබා දී නීති විරෝධී ක‍්‍රියාවක් කර ඇතැයි චෝදනා නගමින් එම ශිෂ්‍යයාගේ පියා මහබාගේ පොලිසිය විසින් ඊයේ (05 දා* වත්තල මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා ඉහත නියෝගය දුන්නේය. මෙහිදී රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රුක්ෂාන් අබ්දුල්ලා (16* හා බී. එම්. එච්. අබ්දුල්ලා (47* නමැති පිය පුතු දෙපළකි.

 වත්තල සරත් චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment