වැලිසර ළය රෝහලේ මිනීපෙට්‌ටි ජාවාරමක්‌… මිනී පෙට්ටි හතක් ආදාහන කුටියකින් සොයාගනී

468

වැලිසර ළය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී මියයන කොවිඞ් ආසදිතයන්ගේ ඥාතීන්ට වැඩි මිලට අළෙවි කිරීම සඳහා රෝහල් පරිශ‍්‍රය තුළම රහසේ පවත්වා ගෙන ගිය මිනී පෙටිටි ජාවාරමක් හෙළිවී ඇත.

 මේ වන විට කොරෝනා වෛරස ආසාදියන්ට ප‍්‍රතිකාර ලබාදීම සඳහා වැලිසර ළය රෝහලේ වාට්ටු පහක් වෙන්කර ඇත.

 හෙළිවී ඇති ජාවාරම පිළිබඳව වැලිසර ළය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඞී. එල්. වනිගරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ රෝහල් පරිශ‍්‍රයේ පිහිටි ආදාහනගාරයක කුටියක තිබී රෝහල් පාලනාධිකාරියේ අවසරයකින් තොරව රෝහල් පරිශ‍්‍රය ඇතුළට ගෙනවිත් තිබූ මිනී පෙට්ටි 7ක් ඉකුත් දින සොයා ගැනීමට හැකිවූ බවය. සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් මේ වන විට සිදුකරමින් පවතින බවය.

 දැනට මිනී පෙටිටි සහිත එම කුටිය රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් සීල් තබා ඇත.

 දැනට කොවිඞ් වසංගත රෝගීන් 200 කට ආසන්න ප‍්‍රමණයක් වැලිසර ළය රෝහලේ කොවිඞ් වාට්ටු පහේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් පසුගිය මාස තුන ඇතුළත පුද්ගලයන් 60කට ආසන්න කොරෝනා මරණ සංඛ්‍යාවක් රෝහලින් වාර්තා වුන බවත් අධ්‍යක්ෂකවරයා පවසයි.

 මේ අතර රෝහලේ සේවක පිරිසක් පවසා සිටියේ රුපියල් 10,000 පමණ වටිනා මිනී පෙට්ටියක් රුපියල් 17,000 ක පමණ මුදලකට මෙහිදී අළෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය. මේ තත්ත්වය නිසා කොරෝනා නිසා මිය යන අයගේ ඥතීන් දැඩි අසිරුතාවට පත්ව ඇති බවද ඔවුහු පවසා සිටිති.

 රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ රෝහලේම රාජකාරි කරන අයකුගේ අනුදැනුමකින් තොරව මෙවැනි සිද්ධියක් ඇති විය නොහැකි බවය.

 අක්කර 41 පමණ වන රෝහල් පරිශ‍්‍රයේ එක් කොනෙක පිහිටා ඇති රෝහලේ මෝචරිය තිබුණ කොටස දිගු කලෙකින් තම පරීක්ෂාවට ලක් නොවුන බවය.

 එහෙත් පසුගිය දින රෝහලේ නියෝජ්‍ය අධක්ෂක ධුරයට පත්ව ආ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට රෝහල් පරිශ‍්‍රය ලක්වූ අවස්ථාවේ දී මෝචරියට යාබදව යතුරුලා තිබූ කාමරයක තිබී මිනී පෙට්ටි තොගය හමුවූ බවය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කොට අවශ්‍ය නිසි පියවර ගන්නා බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.

බී.ටී.කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment