වැලි ටික ටිපර් කරන්නත් පන්සීයක් අරන්

166

ප‍්‍රියන්ත රියැදුරකි. ඔහු පෞද්ගලික බස් රියැදුරකු ලෙස කාලයක් කටයුතු කළත් ඉකුත් වසංගතයත් සමග බස් රස්සාවට කණකොකා හඬන්නට ගත්්තේ අතමිට ද හිස්කර දමමිනි.

 අතට අහුවන අහුවන දේ කර ජීවිතය සරි කරගන්නට ප‍්‍රියන්තට සිද්ධ වූයේ පාසල් යන දරු දෙදෙනාගේ කුස පුරවන අභියෝගය සමගිනි.

 වරෙක වැලි ලොරිවල වැඩ කරන ඔහු තවත් විටක මුදලාලිලා සමග එළවළු ගේන්න නුවරඑළිය, දඹුල්ලට ආදී ප‍්‍රදේශවල යන්නට එන්නට පවා සිදුවිය.

 ඊයේ පෙරේදා දිනක ඔහු වැඩ කළේ වැලි ලොරියකය. වැලි පටවා ගත් ඔහු තිහාරියේ නිවසකට වැලි ලොරියක් ගෙන ගියේ සවස 3.00 ට පමණය.

 ‘‘නෝනා … වැලි ටික බාන්නෙ කොතැනට ද? ප‍්‍රියන්ත වැලි ලොරිය ගේට්ටුවෙන් ඇතුුළට දමා විමසීය.

 වයස අවුරුදු හැට හැත්තෑවක ආච්චි අම්මා කෙනකු නිවසින් එළියට ආවේ හිස මත තිබූ සාරිය හරි ගස්වමිනි.

 අනේ පුතා… මුදලාලිත් ගෙදර නෑ පල්ලියට ගිහින් වැලි ටික බාගන්න කවුරුත් හොයාගන්න නෑනේ.

 ප‍්‍රියන්තට කාරණය වැටහුණේය. කමක් නෑ අම්මා. මේ ලොරියේ පොඩි මැෂිමක් තියෙනවා. හැබැයි ඒකෙන් බානවා නම් රුපියල් 500ක් ඕනෑ.

 කමක් නෑ පුතේ මෙන්න 500ය. ඒ මැෂිමෙන්වත් බාන්න’’ ඒ මව කීවේ හයක් හතරක් නොතේරුණ නිසාය.

 රුපියල් 500 සාක්කුවේ දමාගත් ප‍්‍රියන්ත වැලි ටිපර් කර ගේට්ටුවෙන් එළියට ලොරිය ගෙන ලෑල්ලට ම පෑගුවේ වැඬේ අහුවේ යැයි දැනුන නිසාය.

 -පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment