වැලි, පස් බලපත් ඔන් ලයින් ක‍්‍රමයට

282


රටේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම අවශ්‍ය වන වැලි, පස්/ බොරළු හා කළුගල් ප‍්‍රවාහණය සඳහා අවශ්‍ය බලපත් ලබා දීම සඳහා මාර්ගගත වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
දැනට දිනකට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප‍්‍රදේශීය කාර්යාලවලට දිනපතා ප‍්‍රවාහණ බලපත් ලබා ගැනීමට 1000-2000ත් අතර පිරිසක් පැමිණෙති. එමෙන්ම වසරකට නිකුත් කෙරෙන ප‍්‍රවාහණ බලපත් ප‍්‍රමාණය ලක්ෂ 10 ඉක්මවයි. වාර්ෂිකව ප‍්‍රවාහණ බලපත් අලූ‍ත් කළ යුතු බැවින් දිනපතා මෙම කාරණය සම්බන්ධව දැඩි තදබදයක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment