වැලි සැපයුම්කරුට මිලියන 399 ක් වැඩියෙන් ගෙවලා: කුඩාඔය ජලාශ බැම්මෙන් යකාගේ ගසා කෑමක්!

488

උමා ඔය යටිනිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුඩාඔය ජලාශයේ ජලාශ බැම්ම ඉදිකිරීමට වැලි මිලදී ගැනීමේදී විධිමත් අනුමැතියකින් තොරව ඇස්තමේන්තුගත මිලට වඩා වැඩි මිලට වැලි මිලදී ගැනීම නිසා රුපියල් මිලියන 399.50 ක මුදලක් අදාළ සැපයුම්කරු වෙත වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

වැලි කියුබ් 01ක් සඳහා ඇස්තමේන්තුගත මිලට වඩා සියයට 56 ක් ඉක්මවූ මිලකට අදාළ සැපයුම්කරුගෙන් වැලි මිලදීගෙන තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. වැලි මිලදී ගැනීම සඳහා අනුමත කර තිබූ ඇස්තමේන්තුව අනුව වැලි කියුබ් එකක මිල රු. 6452 කි. එහෙත් එකී ඇස්තමේන්තුගත මිලට වඩා රුපියල් 10100 බැගින් අදාළ සැපයුම්කරුගෙන් වැලි මිලදීගෙන තිබුණි.

මෙකී වැලි සපයා ප්‍රවාහනය කර තිබුණේ ජලාශ බැම්මට මිටර් 200 ක් දුරින් කුඩාඔයේ දිය බෙදුම ප්‍රදේශයෙනි. එමෙන්ම කුඩාඔය ජලාශ බැම්මට සපයන ලැබූ වැලි සාම්පල් අවස්ථා 04 කදී පරීක්ෂා කොට තිබූ අතර ඉන් අවස්ථා 02 ක් නියමිත ප්‍රමිතියට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment