වැලෙන්සියා නගරයට 1871න් පසු වාර්තාගත වර්ෂාපතනයක්

232

ස්පාඤ්ඤයේ නැගෙනහිර කලාපයේ පිහිටි වැලෙන්සියා නගරයට දිනක් තුළ මිලි මීටර් 200 ඉක්මවූ වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් නගරය මුළුමනින්ම ජලයෙන් යට වී තිබේ. නගරයේ මහා මාර්ග ජලයෙන් යට වීම නිසා ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් ඇන හිට ඇති අතර ජල ගැලීම් හේතුවෙන් කොටු වී සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා පොලිසිය වෙත දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් දිනක් තුළ ලැබී ඇති බව ස්පාඤ්ඤ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

පෙරේදා (04 දා) දිනයේ වැලෙන්සියා නගරයට මිලි මීටර් 201ක වර්ෂාපතනයක් ලැබී තිබිණි. මෙය 1871 වසරෙන් පසු එම නගරයට මැයි මාසය තුළ දිනකදී ලැබී ඇති ඉහළම වර්ෂාපතනය ලෙස වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment