වැස්සට ජීවිත දෙකක් බිලි

190


පවතින අයහපත් කාලගුණය නිසා මේ වන විට පුද්ගල මරණ දෙකක් සිදුව ඇත.ඊයේ රාත‍්‍රි මෙම මරණ දෙක සිදුව තිබේ.මෙහිදී පළමු මරණය වාර්තාවූයේ ඉංගිරිය ප‍්‍රදේශයෙනි. ඉංගිරිය හඳපාන්ගොඩ මෙනේරිගම ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක් හරහා ඉදිකර තිබූ සපත්තු පාළම මතින් ත‍්‍රී රෝද රථයක් ගමන් කිරීමේදී සැඩ පහරට ලක්ව ත‍්‍රීරෝද රථය ගසාගෙන යාමෙන් ත‍්‍රීරෝථය පැදවූ 45 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත. දෙවැනි මරණය නෙළුව ඇඹලෙගෙදර ප‍්‍රදේශයෙන් වාර්තා විය.ඇඹෙලෙගෙදර මාර්ගය හරහා පිටාරගලමින් තිබූ ඉන්ගල දොළ පහරට හසුව 08 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් තිබේ.දරුවන් සිව් දෙනා සමග මව මෙම දොළපහර හරහා ගමන් කරමින් සිටියදී දරුවා සැඩපහරට ගසාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment