වැස්සට නතරවූ දුම්රිය යළි ධාවනය අරඹයි

87


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.
ඒ අනුවල උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය අද සිට බදුල්ල – කොළඹ අතර ධාවනයවේ.

ඒ අනුව අද උදෑසන 5.55ට කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30ට බදුල්ල සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ විය.

ඉදිරි දින කිහිපය තුළ ද පොඩි මැණිකේ දුම්රිය පමණක් බදුල්ල – කොළඹ අතර ධාවනයට එක් කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment