වැස්සට නිවස යටවෙනවා 2020 සිට විසඳුමක් නෑ.. කාන්තාවක් ප‍්‍රා. සභා වහළයකට නගී

127

බෝපේ පෝද්දල ප‍්‍රාදේශීය සභාව මගින් තමාට බලවත් අසාධාරණයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම පරිශ‍්‍රයේ මුර කුටියේ වහළය මතට නැගි කාන්තාවක් විසින් ඊයේ (24 දා) සිය විරෝධය ප‍්‍රකාශ කළාය

මෙසේ වීරෝධය පළ කළේ උ`ථවිටිකේ මිදෙනියවත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන යූ. ජී. සෝමාවති යන අයය

එහිදී ඇය කියා සිටියේ බෝපේ පෝද්දල ප‍්‍රාදේශීය සභාව මගින් සිය නිවස අසල ඉඩමක් ගොඩ කිරීම හේතුවෙන් වැසි දිනවලදී සිය නිවස ජලයෙන් යටවෙන බවත් මේ පිළිබ`දව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට 2020 අගෝස්තු මාසයේ සිට තමාට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් විස`දුමක් ලබා නොදුන් බැවින් මෙසේ විරෝධය පළකරන බවත්ය

පසුව එම ස්ථානයට පැමිණි පෝද්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ වගකිවයුතු පාර්ශවය ඉදිරි දිනකදී පොලිස් ස්ථානයට කැ`දවා විස`දුමක් ලබාදීමට පොරොන්දුවීමෙන් අනතුරුව ඇය විරෝධය අවසන් කළාය


වැලිවිටිය – දිවිතුර උපුල් මහේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment