වැස්සත් සමග ජල විදුලි උත්පාදනයත් වැඩිවෙයි

183

කැලණිතිස්ස ඞීසල් බලාගාර දෙක නතර කරයි

වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ ජල විදුලි නිෂ්පාදනය වැඩිවීම නිසා කැලණිතිස්ස ඞීසල් බලාගාර දෙක නතර කිරීමට පියවර ගත් බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා ‘දිවයින’ට පැවසීය.

කැලණිතිස්ස ඞීසල් බලාගාර දෙකක් ක‍්‍රියාත්මක කර මෙගවොට් 160ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ ද පවතින වර්ෂාපතනයත් සමඟ ජල විදුලි නිෂ්පාදනය සියයට 10කින් පමණ ඉහළ ගිය නිසා මෙම ඞීසල් බලාගාර දෙක නතර කළ බව ද ඔහු කීය.

පසුගිය දිනවල ජලවිදුලිය නිපදවීම විදුලි අවශ්‍යතාවෙන් සියයට 20 දක්වා අඩු වී තිබූ බවත් එය ඊයේ (10 ද) වන විට සියයට 30 දක්වා වැඩි වී ඇති බවත් ඒ මහතා පැවසීය.

අලූත් අවුරුදු සමය තුළ ආයතන රැුසක් නිවාඩු ලබාදීම ඇතුළු හේතු කීපයක් නිසා විදුලි ඉල්ලූම සාමාන්‍ය දිනවලට වඩා අඩු වී ඇති බැවින් ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය ලබාදෙන බැවින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment