වැස්සත් සමග දිනකට ඩෙංගු රෝගීන් 100ක්

32

පවතින වැසි තත්ත්වයත් සමග මේ වනවිට දෛනිකව ඩෙංගු රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

මෙම වසරේ ජනවාරි 01දා සිට ඊයේ (09දා) දක්වා කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 25,619 දෙනකු වාර්තා වී ඇති බවත්, ඩෙංගු රෝගයට ගොදුරුවූ පුද්ගලයන් 9 දෙනකු මරුමුවට පත්ව ඇති බවත් එම ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 9,348කි.

එසේම වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වල ද ඩෙංගු පැතිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවද එම ඒකකය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment