වැස්සත් සමග බෝවන රෝගත් හිස ඔසවයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

53

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමග පාචනය, අතීසාරය, උනසන්නිපාතය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන් අතර ද ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින” ට ඊයේ (04දා) පැවැසීය.

එසේම ජල ගැලීම් තත්ත්වයත් සමග මී උණ, ඩෙංගු රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බව හෙතෙම කීය. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

“ගංවතුර තිබෙන ප්‍රදේශවල ඉන්න ජනතාවට වෛරස් උණ, අජීර්නය, බඩ රිදුම, බඩඑළිය යෑම, වමනයයෑම, ලේ යනවා නම් අතීසාරය වෙන්න පුළුවන්. මේ හේතුවෙන් ගංවතුර තියෙන ප්‍රදේශවල ජනතාව උණුකර නිවා ගත් ජලය පානය කිරීම ඉතා සුදුසුයි. ඒ වගේම නාරං, දොඩම්, දෙහි, බැදි හාල් කැඳ වගේම පිරිසිදු ආහාර ලබා ගැනීමත් ඉතා සුදුසුයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment